දිනසේන රතුගමගේ
යාපනය ශික්ෂණ රෝහලේ පිහිටි එක්ස් කිරණ යන්ත්‍රයට කිසියම් පිරිසක් විසින් හානි සිදු කොට එම යන්ත්‍රය විනාශ කොට ඇති බවට යාපනය ශීක්ෂණ රෝහලේ පාලන අධිකාරිය 12 ද යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් දියත් කරන ලද වැඩ වර්ජනයත් සමගම රෝහලේ තිබූ එක්ස් කිරණ යන්ත්‍රයේ කොටසක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති බව පවසන රෝහලේ පාලන අධිකාරිය ඉන් පසුව ඒ වෙනුවට සවි කරන ලද නව යන්ත්‍රය සවිකොට දින හතරකට පසුව කිසියම් පිරිසක් විසින් පිහියක් වැනි ආයුධයකින් ඇන එම යන්ත්‍රයට හානි පමුණුවා ඇතැයි පොලීසියට පමිණිලි කොට තිබේ.
වර්ජනයේ නිරත පිරිස යාපනය ශීක්ෂණ රෝහලේ කටයුතු අඩපණ කිරීමේ අරමුණින් මෙම විනාශය සිදු කරන්නට ඇති බවට සැකකරණ යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.