දිනසේන රතුගමගේ
ධීවර බෝට්ටුව මහ මුහුදේදී කැඩී මුහුදුබත් වීම නිසා මියගිය යාපනයේ ධීවරයින් දෙදෙනාගේ පවුල් දෙකට එක් පවුලකට රුපියල් ලක්ෂය බැගින් ලබා දීමට මුලතිව් වතිරායන් පළාතේ සුළු ධීවරයින්ගේ සංගමය 12 දා පියවර ගෙන තිබුණි.
ඉතාම දිළිදු සුළු පරිමාණයේ ධීවරයින්ගෙන් සැදුම් ලත් ඔවුන්ගේ සංගමයේ නියෝජිතයෝ මුලතිව් සිට යාපනය ගොස් එම මුදල් ආධාර විපතට පත් ධීවරයින් දෙදෙනාගේ පවුල් දෙකට ලබාදී තිබේ.
ජනවාරී මස 27 වෙනිදා යාපනයේ මරදන්කේණී ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී මේ අන්දමට මියගොස් තිබුණේ එස්.ජෝෂප් හා කේ.ප්‍රේම්කුමාර් නැමති මාමා හා බෑනා කෙනෙකුය.
මියගිය ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු දින දෙකකට පසුව මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ අතර ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් පහර දීම නිසා ඔවුන් මියගිය බවට උතුරේ ධීවර සංගම් චෝදනා කොට සිටියද එය ඔප්පු කිරීම සදහා ප්‍රමාණවත් සාධක හමු නොවුණි.