දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසී විෂය පිළිබද ජෙයෂ්ට කථිකාචාර්ය ශ්‍රී රංජනී ආනන්දකුමාරස්වාමී මහත්මිය (52 ) කොරෝනා රෝගය ආසාදනය වීම නිසා 29 දා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.
යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි මෙම කථිකාචාර්යවරියට කොරෝනා රෝග ලක්ෂණ පහල වීමෙන් පසුව ඇය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි අතර එහිදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
මියගිය කථිකාචාර්යවරියගේ මෘත ශරීරය යාපනයේ කොම්බයන් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේදී කොරෝනා නීතිරීති වලට අනුකූලව ආදාහනය කොට තිබේ.