දිනසේන රතුගමගේ –
යාපනයේ සිට වන දුර්ග මාර්ග ඔස්සේ කතරගම බලා පාද යාත්‍රාවෙන් වන්දනාවේ යන නඩයට පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් වන පනාමුරේ තිලකවංශ හිමියන් ඇතුලු පිරිසක් ඊයේ (17) දිවා ආහාරය සහ තේ පැන් පිරිනමා තිබිණි..
උන්වහන්සේ හින්දු පූජකවරුන්ට මෙහිදී ප්‍රකාශ කොට ඇත්තේ හින්දු දහමත් බුදු දහමත් ඉතා සමීප බැවින් මේ ආගම් අදහන දෙපිරිස අතර දැඩි ආගමික සංහිදියාවක් ගොඩ නැගිය යුතු බවය.
කතරගම පාද යාත්‍රාවට සහභාගීවන හින්දු පූජකවරු හා බැතිමතුන්ද මහා සංඝ රත්තනය විසින් ලබා දෙන ලද තේ පැන් සංග්‍රහය හා දිවා ආහරය ගෞරවයෙන් පිළිගෙන ස්තූති කොට තිබේ.මෙවර යාපනයෙන් ආරම්භ වූ පාද යාත්‍රාවට බැතිමතුන් 150 ක් පමණ දෙනා සහභාගී වී සිටින අතර ඊට කාන්තාවන් හා කුඩා දරුවන්ද ඇතුළත් වෙයි.