දිනසේන රතුගමගේ –
යාපනය පන්නෙයි මාර්ගයේ පිහිටි පොලිස් මුරපොලකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය එක් පුද්ගලයෙකු ඊයේ (28) සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මාර්ගයේ පිහිටි දේව රූපයක් සම්බන්ධයෙන් විශාල මත භේදයක් හට ගැනීමත් සමගම එම ස්ථානයේ පොලිස් මුරපොලක් පිහිටුවිමට පොලීසිය පියවර ගෙන තිබූ අතර ප්‍රහාරය එල වී ඇත්තේ එම මුරපොලටය.
පොලිස් මුරපොලට එල්ල වූ ප්‍රහාරය නිසා එහි වීදුරුවලට හා ආවරණ වලට හානි සිදුව තිබූ අතර එම ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට එක් අයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් යාපනය පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.









