ශ්‍රියානි විජේසිංහ –
ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් පැය 48ක් යන තෙක උණ පවතින්නේ නම් වහාම රෝහල් ගත වන ලෙසත් ඔහු හෝ ඇය ඩෙංගු රෝගියෙකු නම් මෙවැනි රෝගින්ට ප්‍රතිකාර ලබා දෙනුයේ ඒ ඒ මොහොතේ හටගන්නා රෝග ලක්ෂණවලට බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය සඳහන් කරයි.
මේ දිනවල ගර්භනී කාන්තාවකට උණ වැළදෙන්නේ නම් පැය 48ක් යන තෙක් බලා නොසිට වහාම ව්‍යෛ ප්‍රතිකාර සඳහා යොමු වන්නැයිද ඇය ඉල්ලීමක් කරයි.
ඩෙංගු මරණ බහුතරයකට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා රෝහලවෙත යොමු කළද එවැනි පුද්ගලයින් රෝහල වෙත ප්‍රමාද වී පැමිණිම යැයිද විශේෂඥ ඉඩම්පිටිය පෙන්වාදේ.
යම් අයෙක් ඩෙංගු කම්පන තත්ත්වයේ පැය 10ක් පමණ සිටීමෙන් අනතුරුව රෝහල් ගතකිරීමේදී එම රෝගියාගේ ජිවිතය බේරා ගැනීම අසීරු බව ඇය පවසා සිටියි.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 38000ක් ඉක්ම ගොස් ඇති අතර මේ වන විට පුද්ගලයින් 24ක් මිය ගොස් ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ සඳහන් කරයි.
වසර 2017දී මෙන් මේ වසරේදීද ඩෙංගු අධිවසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බව ඇය පෙන්වාදේ.
මීලග ඊසාන දිග මෝසම් කාලයට අපට මුහුණ දීමට සිදුව ඇත්තේ ඩෙංගු රෝගීන් 380000ක් සහිත රටක් ලෙසට යැයිද ඇය පවසයි.