ජාතික නිදහස් දිනයට විරෝධය පල කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩි ගසේ හා ඒ අවට කලු කොඩි ඔසවා තිබේ.
යාපනය විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය සංගමය උතුරු නැගෙනහිර පළාත් දෙකේ සියලුම කඩ සාප්පු වසා දමා ශෝක දිනයක් ලෙස සලකන ලෙස ඉල්ලා ඇති අතර මෙදින පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවටද නිවේදනයක් නිකුත් කොට ඇත.
මේ අතර යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පා ගමනක් යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානාය කොට තිබේ.
මේ අතරවාරයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා යුද හමුදාව විසින් යාපනය කොටුවේ ජාතික ධජය ඔසවා දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී නිදහස් උළෙලක් සංවිධානය කොට තිබේ.







