දිනසේන රතුගමගේ –
යාපනයෙන් මුහුදු ගිය ලාංකික ධීවරයින් හය දෙනෙකු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාව මත 19 දා තමිල්නාඩු මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවරයින් ගමන් ගත් ධීවර යාත්‍රාව ද අත් අඩංගුවට ගත් වෙරළාරක්ෂක නිලධාරීන් ධීවරයින් හය දෙනා තමිල්නාඩු දරුවායිකුලම් පොලීසිය වෙත බාර දි තිබේ.
ධීවරයින් පිරිස පොලීසියට පවසා ඇත්තේ ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව මහ මුහුද මැදදී අබලන් වීම නිසා යාත්‍රාව මුහුදේ ගසාගෙන ගොස් තමිල්නාඩු දෙසට පා වී ගිය බවයි.
තමිල්නාඩු දරුවායිකුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.