අද උදේ (1) ගල්කිස්සේ සිට සිට කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට අරියාල පාන්ගම්කුලම් දුම්රිය හරස් පාරේදී බස් රථයක් ගැටීමෙන් එහි රියදුරු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
අද පස්වරු 01ට පමණ මෙම අනතුර සිදු වී ඇත. අනතුර සිදුවනවිට බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ රියදුරු පමණි. මේ අද දවසේ දුම්රිය හරස් මාර්ගයක සිදුවුන දෙවැනි අනතුරය. තුන්වැනි මරණය ය.
අද උදේ 11.30ට පමණ උණවටුන මහාරඹ දුම්රිය හරස් මාර්ගයේ රජරට රැජන දුම්රියේ ගැටී ත්‍රී රොද රථයක් ගැටී රුසියානු කාන්තාවක් සහ රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගියහ.