දිනසේන රතුගමගේ –
පොලිස් නිලධාරියෙකුට යාපනයේ මණ්ඩතීව් ප්‍රදේශයේදී භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකුව ඌර්කාවතුරේ පොලීසිය විසින් ඊයේ (10 ) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරියා වෙත එල්ල කරන ලද භූමිතෙල් බෝම්බය නිසි ලෙස පිපිරී ගින්නක් හට නොගැනීම නිසා පොලිස් නිලධාරියාට කිසිදු අනතුරක් සිදුව නොමැත.
සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා මේ බව ඌර්කාවතුරේ පොලීසියට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශය පරීක්ෂා කොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාව ඌර්කාවතුරේ හා මණ්ඩතීව් ප්‍රදේශ වලදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාව වන විට ඔවුන් දැඩි ලෙස බීමත්ව සිට ඇත.
මෙම පොලිස් නිලධාරියාට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.
ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.