දිනසේන රතුගමගේ:
ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන යාපනයේ අපේක්ෂකයෙකු 15 දා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.
යාපනයේ පදිංචි ඔගස්ටින් මැක්ඩොනල්ඩ් නැමති පනස් අට හැවිරිදි මොහු එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට රජයේ පුනරුත්ථාපන ක්‍රියාදාමාය්ට ලක් වීමෙන් පසුව දේශපාලනයට පිවිසි අයෙකි.
හදිසියේම ඔහු රෝගී වි යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මේ අතර යාපනයේ යාපනය කයිට්ස් ප්‍රාදේශීය සභාව නියෝජනය කරණ දෙමළ ජාතික සන්ධානයේ සභික කනකසුන්දරම් ජෙයකුමාර් මහතාද 15 දා අලුයම හෘදයාබාධයකින් මියගොස් තිබුණි.