දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේදී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව සිය යතුරු පැදිය ධාවනය කරගත නොහැකිව මහ පාරේ වැටී සිටියදී හමුදා භට පිරිසක් එම ගම්මානයේ තරුණයින් පිරිසකට කතා කොට ඊයේ (23) රාත්‍රියේ දි ඔවුන් දෙදෙනා පොලීසියට බාර දී තිබේ.
පොලීසිය ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මේ මව සහ දුව දෙදෙනා හිතවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසකදී අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඔවුන්ට යතුරු පැදියෙන් ආපසු සිය නිවස බලා යාමට නොහැකි වී මහ පාරේ ඇද වැටී ඇති බවයි.
වයස අවුරුදු 52 ක් වූ මව හා අවුරුදු 28 ක් වූ දියණිය අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින දෙදෙනෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
ප්‍රදේශයේ කීප දෙනෙකු පැමිණ පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලීසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට පොලිස් පොතේ සටහන් යොදා නිදහස් කොට යවා ඇත.







