සම්පත් දෙණිපිටියගේ –
යකදුරාගේ හිස කඳින් වෙන් කර නිල්වලා ගඟට දමා ගිහින්… කවන්ධය අද උදේ නිවසින් හමුවේ… සම්පත් දෙනිපිටියගේ –
කඹුරුපිටිය ප්‍රදේශයේ නම ගිය යකදුරෙකුගේ හිස කඳෙන් වෙන් වන්නට කපා රැගෙන ගොස් හිස නිල්වලා ගඟට අතහැර දමා යෑමේ සිද්ධියක් කඹුරුපිටිය තිබ්බටුවාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
යකදුරාගේ හිස සුන් මළ කඳ පොලිසිය විසින් අද (27) සොයාගෙන ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ හේලාල් පතිරණගේ සුමනපාල නැමැති වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙකි.
ඝාතන සැකකරු අසල්වාසී 29 හැවිරිදි තරුණයෙක් බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි. ඔහු විල්පිට රක්ෂිතයට පැන ගොස් ඇතැයි පොලිසිය සැක කරයි.
කාලයක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය කර ඇති බව පැවසේ.
මියගිය පුද්ගලයාගේ රැකියාව ලෙස යකදුරු වැඩ කරන ප්‍රදේශයේ නම් දැරූ අයෙකු බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව අකුරුස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.