අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පුද්ගලික වෙබ් අඩවියේ ට්විටර් ගිණුම අද අලුයම කිසියම් අයකු විසින් හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) තිබේ.
ට්විටර් සමාගම පවසන්නේ මෙම ගිණුම සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇති බවත් තත්වය “සක්‍රියව විමර්ශනය” කරන බවත්ය.
Cryptocurrency මුදල් මගින් අගමැති ජාතික සහන අරමුදලට මුදල් පරිත්‍යාග කරන ලෙස ගිණුමේ පසුහඹනන් වෙත ට්වීට් යවා ඇති බව වාර්තා වේ.
නරේන්ද්‍රමෝදිගේ ට්විටර් ගිණුමේ පසුහඹන්නන් මිලියන 2.5 ක් සහ ට්වීට් 37,000 කට පමණ පිරිසක් සිටී.