මොරොක්කෝවේ භූ කම්පනය නිසා සිදු වූ මියගිය සංඛ්‍යාව 2,012 දක්වා ඉහළ ගොස් ඇති බව මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ භූමිකම්පාවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2,059ක් වන අතර ඉන් 1,404 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
පෙරේදා (08) වැනිදා රාත්‍රියේ සිදු වූ රික්ටර් පරිමාණයේ 6.8 ක ප්‍රබල භූමිකම්පාව එරට සිදු වූ ප්‍රබලතම ස්වභාවික ආපදාවකි.