මොරටවු ෆ්‍රෙසර් මාවතේ දී ගුවන් හමුදා පුද්ගලයින් පිරිසක් එක්වී සිවිල් වැසියෙකුට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
State sponsored terrorism in action in Moratuwa Frazer avenue.
රණවිරුවො කෙලිනවා. #GoHomeGota #GoHomeRajapakshas pic.twitter.com/AS7uxeLUMp
— Supun Jayaweera (@donsupz) July 2, 2022
එම පුද්ගලයා තමන්ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටිමින් කෑ ගසද්දී පහර එල්ලකරමින් ඇදගෙන යන ආකාරය මෙම වීඩියෝවෙන් ප්‍රකාශ වේ.
මේ පිළිබඳ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් කළ විමසීමක දී ඔහු කීවේ මේ වනතුරුත් තමන් මෙම සිදුවීම පිළිබඳ දැනුම්වත් වී නැති බවය.
මොරුව පාලම් තුන හන්දිය අසල ඇති ඉන්ධන පිරවුම්හලක් තුළ ඇති වූ සිද්ධියක් සම්බන්ධව මෙම ගුවන් හමුදා මැදිහත්වීම සිදුවී ඇති බව දැනගන්නට ඇත.