අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොඩර්නා ෆයිසර් වැඩිහිටියන්ට සයිනෝෆාම් තරුණ අයට… ස්වාධීන විශේෂ මණ්ඩලය මෙරට කොවිඩ් ගැන දුන් අට වැදෑරුම් නිර්දේශ මෙන්න

by editor
ජූලි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එන්නත්කරණයේදී වයය අනුව වැඩි ප්‍රතිශක්තියක් ලබා දෙන එන්නත් වර්ග තෝරා ගත යුතු බවත් ඒ අනුව සයිනෝෆාම් එන්නත තරුණ කණ්ඩායම්වලටත් ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් වයස්ගත පුද්ගලයන් කෙරෙහි ප්‍රතිශක්ති ප්‍රතිචාරය වැඩි බැවින් එම එන්නත් ඔවුන්ටත් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට කොවිඩ් වසංගතයේ ශ්‍රි ලංකාව තුළ වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂඥ නිර්දේශ අටක් ඉදිරිපත් කරමින් මම ක්ෂේත්‍රයට සෘජු සම්බන්ධයක් ඇති ප්‍රමුඛතම පෙළේ ස්වාධීන විශේෂඥ මඩුල්ලක් විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

මෙම විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් වසංගතයේ වර්තමාන පසුබිම සහ එය පාලනය සම්බන්ධයෙන් සිදු කරන ලද බුද්ධි කලම්බන සැසියකින් අනතුරුව නිර්දේශ අටක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කරති.

මෙම විශේෂඥ මඩුල්ල තම වාර්තාවෙන් නිර්දේශ අටක් ඉදිරිපත් කර ඇති අතර එයින් එකක් වන්නේ එන්නත් ලබා දීමේදී මෙම එන්නත්වල ක්‍රියාකාරීත්ව පිළිබඳව අවබෝධයකින් යුතුව එය ලබා දිය යුතු බවය.

ඒ අනුව වඩා වැඩි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් වියපත් පුද්ගලයන්ගේ ශරීර තුළ ගොඩ නැගීමට සයිනොෆාම් එන්නතට සාපේක්ෂව මොඩර්නා සහ ෆයිසර් සමත් වන බව පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම නිර්දේශය ඔවුන් ඉදිරිපත් කරන බව එහි සඳහන් කර ඇත.

එසේම දැනට වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කරවන ලෙසත් ලිහිල් කොට ඇති ඇතැම් මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, ආගමික උත්සව වැනි ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන සුපිරි පැතිරවීමේ ඉසව් පාලනයට ලක් කරවන ලෙසද මෙම විශේෂඥ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආසියානු කලාපය භාර කොවිඩ් පාලනය සම්බන්ධ විශේෂ නියෝජිතයා වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන් ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කරන මෙම කමිටුව ට මෙරට ප්‍රමුඛතම පෙළේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් සහ වෛද්‍යවරුන් 15 දෙනකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ආලකා සිං ඇතුළු නියෝජිත කණ්ඩායමකින් මෙම විශේෂඥ මණ්ඩලය සමන්විතය.

ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මෙසේය.

  1. ඩෙල්ටා ප්‍රභේදය ගැන දැඩි අවධානය යොමු කරන්න – මේ වනවිට ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙන මෙම වෛරස ප්‍රභේදයේ හැසිරීම සහ වෙනත් රටවල් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත් පිළිබඳව අවධානය යොමු කර එය ව්‍යාප්තිය පාලනය ට අවශ්‍ය පියවර ගත යුතු බවට නිර්දේශ කර ඇත.
  2.  රෝගය ව්‍යාප්තිය පිළිබඳව නිසි ලෙස අවබෝධ කර ගත හැකි ආකාරයට දත්ත ලබා ගැනීම අවම වශයෙන් රෝහල් පසුබිම්කර ගෙන නවත් ශක්තිමත් කළ යුතුය. මේ වනවිට රෝගය හදුනා ගැනීමට සිදු කෙරෙන පී.සී.ආර් ඇතුළු පරීක්ෂණ පහසුකම් සීමා හිත වී පසුබිමක් තුළ රෝග ව්‍යාප්තියේ සැබෑ ස්වරූපය හදුනා ගැනීම යටපත් වී ඇත. එබැවින් අඩුම තරමින් රෝහල්වලට රෝග ලක්ෂණ සහිතව එන පුද්ගලයන්වත් පරීක්ෂාවට බදුන් කර දත්ත ඒකරාශී කළ යුතු බවට මෙම විශේෂඥයෝ නිර්දේශ කරති.
  3. රෝගය සහ රෝග ව්‍යාප්තියේ සැබෑ ස්වරූපය නිසි ලෙස විමසමින් විද්‍යාත්මක ව අධ්‍යයනය කරමින් සබුද්ධිතකව තීරණ ගැනීම.
  4. සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කළ යුතු වන අතර ජනතාව ඒකරාශී වන ඉසව් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමිය යුතුය.
  5. රෝහල්වල රෝගීන් කළමනාකරණයට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කළ යුතු වන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සහය සහ පහසුකම් තවදුරටත් ලබා දෙන අතර රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවාසවල සිට කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
  6. එන්නත්කරණයේදී පුද්ගලයන්ගේ වයස අනුව සහ අවදානම් තත්ත්ව මත වැඩිම ප්‍රතිඵල ලබා දෙන ආකාරයේ එන්නත්කරණයක් සැලසුම් කළ යුතුය. නිදසුනක් ලෙස සයිනෝෆාම් එන්නත වියපත් පුද්ගලයන් තුළ ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම මොඩර්නා සහ ෆයිසර් එන්නත්වලට සාපෙක්ෂව අඩුය. මොඩර්නා ෆයිසර් එන්නත් වියපත් සහ වෙනත් සංකූලතා සහිත රෝගීන් තුළ වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව තහවුරු වී ඇත.
  7. රෝගය පාලනය සඳහා මහජන උනන්දුව වැඩි කරවන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
  8. එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාව උනන්දු කරවීමටත්. අවදානම් සහගත පුද්ගලයන් කොවඩ් හේතුවෙන් මරණයට පත්වීම වළකාලීමට නම් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් එන්නත් ලබා ගත් පමණින් තමන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවට නොසලකා තවදුරටත් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු වන බවටත් වන පනිවිඩ ජනතාව තුළට සාර්ථකව සම්ප්‍රේෂණය වන සන්නිවේදන ක්‍රමෝපායයක් සකස් කළ යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළිය ගොවිතැන පස වහ කළ හැටි විගණනය හෙළි කරයි…

Next Post

බදියුදීන් නිවසේ පිළිස්සී මළ දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.