සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රීගේ  ලොකු පුතා කියා සිතා පොඩි පුතාට පොලිසියෙන් ගහලා!

අයි.පී ලින්ටන් සිල්වාගේ පොලිස් මැරකම   නීති සිසුවාගේ සොහොයුරා කියයි

by editor
පෙබරවාරි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් තම සහෝදරයාට තුවාල සිදුවන අයුරින් පහර දුන්නේ තමා යයි වැරදීමෙන් බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්නගේ වැඩිමහල් පුත් නීතීඥ චරිත මෛත්‍රී ගුණරත්න පවසයි.

ඔහු පවසන්නේ පසුගිය 23 වැනිදා මුදල් වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිරිසක්  වෙනුවෙන් නෛතික කටයුතු කරන තම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාගේ උපදෙස් මත පෑලියගොඩ පොලිසියට ගිය තමන්ට මෙම අත්අඩංගුවේ  සිටින පුද්ගලයන්ට දැඩි සේ පහර දී ඇති බවත් එහිදී තමන් සමඟ ද මෙම පොලිස් නිලධාරීන් වාදයක පැටළුණු බවත්ය.

මෙහිදී තවදුරටත් එම සිදුවීම ඔහු විස්තර කරන්නේ මෙසේය.

“මම එදින ගියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට. එහිදී මට දැන ගන්නට ලැබුණා අපේ සේවාදායකයන්ට දැඩි ලෙස පොලිසියේදී   හිරිහැර කර ඇති බව. ඔවුන් මත්ද්‍රව්‍ය චෝදනාවලට පටළවන බවට පොලිසිය තර්ජනය කර තිබුණා. පොලිසිය කියන ආකාරයට අනුව අවනත නොවුණහොත් මේ මත්ද්‍රව්‍ය චෝදනා මත දීර්ඝ කාලයක් හිරේ ඉන්න බවට බිය ගන්නා තිබුණා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ ඊට ටික වෙලාවකින් මම දුරකථන ඇමතුමක් ගන්න එහාට ගියා. එනවිට මට ඇහුණා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසියේ නිලධාරියෙක් මගේ සේවා දායකයාට ඇවිත් තර්ජනය කරනවා. ඔහු වටා ඉන්නේ ඔක්කොම මත්ද්‍රව්‍ය චෝදනාවලට අත්අඩංගුවට ගත් පුද්ගලයන්.  ඔබත් පහසුවෙන් මේ චෝදනාවට හසු කරන්න පුළුවන් කියලා.“

“ මේ පොලිස් නිලධාරියා කවර නිලයක කෙනකුදැයි මට හරියටම අවබෝධ කර ගන්න බැරිවුණේ ඔහු සිවිල් ඇඳුමින් සිටිය නිසා. මම ඔහුට සාජන් මහත්තයා කියල කතා කළේ මට ඉතා පරුෂ වචන වලින් බැනගෙන ඉදිරියට ආව නිසයි. බැලුවාම ඔහු  ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා. ඔහු  මාවද බියගන්වන සුළු ආකාරයට මා ඉදිරියට ඇවිත් මගේ අනන්‍යතාව විමසුවා. මා එවර ඔහුට මගේ නීතීඥ සංගමයෙන් ලබා දෙන නිල හැඳුනුම්පත පෙන්නුවා. ඔහු එහි විස්තර සටහන් පොතක ලියා ගත්තා.“

“මම ඔහුට කීවා මම සාජන් මහත්තයා කීවේ සිවිල් ඇඳුමින් සිටියදී තනතුරක් අඳුර ගන්න අපහසු නිසා කියල. ඔහු මට චෝදනා කළා බීමත්ව සිටිනවා කියල. මම කීවා එසේ නම් ඒ බව තහවුරු කර ගන්න මාව පරීක්ෂණයට ලක් කරන්න කියල. මගේ වෘත්තීයභාවය පිළිබඳවත් කිසිදු තැකීමක් නැතිව ක්‍රියා කළ මේ නිලධාරීන් මට ඉවත් වන ලෙසට තර්ජනය කළා.“

“ඊට පසුව මම ඔවුන්ගේ වෘත්තියභාවයක් නොමැති හැසිරීම් පිළිබඳව ශ්‍රි ලංකා නීතීඥ සංගමයට පැමිණිලි කළා. ඒ වගේම අදාළ පොලිස් අංශත් දැනුවත් කළා. අපේ සේවා දායකයා සිටි තත්ත්වය අනුව ඔහුගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය දෙයක් බව ඔවුන් විශ්වාස කළා. මේ නිසා තමයි මම පසුගිය 25 වනිදා නීතී විද්‍යාලයයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයක් වන මගේ මල්ලී , මිගාර මෙම සැකකරුවාට රාත්‍රි ආහාරද සමඟ එතැනට යැව්වේ.“

“ ඔහුට ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් දස දෙනකු විතර දැඩි සේ පහර දී තිබෙනවා. ඔවුන් අහල තියෙනවා තමුසේ එදාත් දැම්මනේ සද්දේ දැන් කෝ සද්ද කියල. මීට කලින් මගේ මල්ලී එතනට ගිහින් නෑ. එයින් තේරෙන්නේ ඔහු මා කියා වැරදීමකින් තමයි මල්ලිට මේ විදිහට අමානුෂිකව පහර දී තිබෙන්නේ. ඒ වෙලාවේ මල්ලි කියල තියනවා එයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්නගේ පුතා කියල. ඒ වෙලාවේ එතන සිටි එස්.අයි මහත්මයෙක් මේ පහර දීම නවත්වන්න කියල කියල තිබෙනවා.“  යයි නීතීඥ චරිත ගුණරත්න පවසයි.

මේ වනවිට මෙම පහර දීම සම්බන්ධ‍යෙන්   ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් ගේ වැඩ තහනම් කොට ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සෙමම පහර දීම සම්බන්ධයෙන් අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ගැහැණියක් හා පිරිමියෙක් අත්අඩංගුවට

Next Post

විනාස කරන්න එන වග තේරෙනවා නම් පන්නලා දානවා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.