නතාෂා නෙත්මිණි =
මේ දක්වා දිවයින පුරා සිදුකර තිබෙන පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව දසලක්ෂ විසිපන්දහසක් (1 025 000) වන අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 600කට අධික යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
දැනට සිදුකරන පීසීආර් පරික්ෂණ ප්‍රමාණය දිනකට 14000 දක්වා වැඩිකර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
මෙම පරික්ෂණවලින් දෙලක්ෂ හැත්තෑහතරදහස් හාරසිය විසියහක් ( 2 74 426)පෞද්ගලික අංශයේ සිදුකර ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාව නවලෝක රෝහලේ රසායනාගාරය තුළ සිදුකර ඇති අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිනවදහස් හයසිය හැත්තෑනමයක් (1 29 679) යැයි ද හෙතෙම පැවසීය.
ප්‍රජාව තුළ සිදුකර තිබෙන පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව හාරලක්ෂ පනස්හතරදහස් එකසිය දහයක් බවත් ( 454 110) ඉන් වැඩිම පරික්ෂණ සංඛ්‍යාව වන එක්ලක්ෂ විසිහයදාස් එකසිය දොළහ (126 112) කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කර ඇතැයිද එම ප්‍රකාශකයා සදහන් කළේය.