විජ්ජාවකට මිස විද්‍යාවකට නම් යල කන්නයේදී ද රටේ කෘෂිකර්මාන්තය ගොඩ ගනීමට නොහැකි බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.
මේ වන විට ඉකුත් මහ කන්නයේ අස්වනු නෙළීම අවසන් වෙමින් පවතින අතර ඉකුත් වසරේ ලද අස්වැන්නට සාපේක්ෂව සියයට හතළිස් පහක අස්වනු අඩු වීමක් දක්නට ලැබෙන බවද හෙතෙම කියයි.
නිශ්චිත වශයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු ප්‍රමාණයන් ලබාදිය යුතුව ද ඔවුහු අවසන් අස්වැන්න නෙලන තෙක් එය ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොකරන බවද හෙතෙම පෙන්වා දෙයි.
රජය මේ වන විට රසායනික පොහොර භාවිතය පිළිබඳ සාධාරණ විසඳුමක් ලබා දී තිබුණ ද රසායනික පොහොර ගෙන්වීම සඳහා විදේශ විනිමය අර්බුදයක් පවතින බව කී මහාචාර්යවරයා යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද විමෙන් තවත් මාස 2ට වැඩි කාලයක් පොහොර ගෙන්විය නොහැකිවනු ඇතැයි ද පැහැදිලි කරයි.
ඒ වන විට යල කන්නේ සඳහා පොහොර යෙදීමේ කාලය ඉක්ම වන බැවින් යල කන්නයෙන් ද අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි වන බවකී මහාචාර්ය වරයා මහකන්නය සාර්ථක කර ගැනීම උදෙසා දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බවද අවධාරණය කරයි.