අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමේ අරගලකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් උද උදේ වරුවේ ඇති වී තිබිණි.
උද්ඝෝෂකයන් වෙත හැරවූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැඩි ශබ්දයකින් යුතුව පිරිත් විකාශනය කරන අතරතුර පොලිස් බස් රථ ගාල් කර පදික වේදිකාව සහ උද්ඝෝෂණ පෙදෙස අවහිර කිරීම හේතුවෙන් ඇති වූ තත්වය නිසා පොලිසිය සහ උද්ඝෝෂකයන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මුලින් පොලිසිය මේ බස් රථ කාගේදැයි නොදන්නා බව පැවසූ නමුත් පසුව රථ ඉවත් කරගැනීම පොලිසිය පැමිණිමත් සමග මේ වචන හුවමාරුව ඇති වූ බව කියැවේ.
එහිදී අරගලකරුවන් කීවේ තමන්ට පොලිසිය පහර දුන් බවය. කෙසේ වෙතත් මේ වනවිට 1919 ගිලන් රථයකින් පුද්ගලයෙක් රෝහල් ගත කර තිබේ. ඔහුට ඇත්තේ සුළු සීරීම් තුවාල පමණක් බව රෝහල් ආරංචි මාර්ග කියයි.