ශ්‍රියානි විජේසිංහ
මේ දිනවල පවතින අධික රස්නය හා හේතුවෙන් තාප කම්පන තත්වයන් ඇතිවිය හැකි බැවින් දරුවන්ට හැකි පමණ බීමට ජලය ලබා දෙන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
දියරමය ආහාර වැඩි වශයෙන් ලබා දීමටත් දිනපතා ස්නානයට කිරිමටත් දරුවන්ට හුරුකරන ලෙසත් අව්වේ වැඩි වේලාවක් රැදී නොසීටීන ලෙසට දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියි.
අධික රස්නය හේතුවෙන් දද, කුෂ්ඨ හා දහඩිය බිබිලි වැනි සමේ රෝග හට ගන්නා බැවින් එවැනි දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන්නැයිද විශේෂඥවරයා සදහන් කරයි.
පරිසරයේ අදික දූවිල්ලක් පැවතීම හේතුවෙන් ළමා හතිය වැඩිවිය හැකි බැවින් හැකි සෑම විටම මුඛආවරණය පැළද සිටීමට ළමා හතියෙන් ගැලවීමට පහසුම මගක් බව ද හෙතෙම පෙන්වාදේ.