ශ්‍රියානි විජේසිංහ
දුම්වැටි , මත්වතුර හා මත්ද්‍රව්‍ය මුළුමනින්ම රටින් තුරන් කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ව දැනුවත් කිරීමේ විශේෂ දේශන මාලාවක් පැවැත්වීමට කටයුතු කරමින් පවතින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.
මෙම දේශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඉඩකඩ වෙන්කර දෙන ලෙස කථානායකවරයාට දැනුම් දුන් බවද වෛද්‍ය අලුත්ගේ පැවසීය.
විශේෂයෙන්ම මෙහිදී මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සදහා ලබා දෙන බලපත්‍ර තව දුරටත් ලබානොදීමටත් ලබා දී තිබෙන බලපත්‍ර අහෝසි කර කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුකරලීමට කටයුතු කරනු ඇත.
මත්පැන් අලෙවිසැල් සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ආශ්‍රිතව පමණක් විවෘත කිරීමට අවසර ලබා දීමේ වැඩපිළිවෙලකට රජයේ අවධානය යොමුකරලීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
මේ වන විට දුම්කොළ , මත්වතුර හා මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ අරමුණ ඇතිව පාසල් ළමුන්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී ඇති කරන බවත් මේ සදහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය හා අන්තරායකරන ජාතික පාලන මණ්ඩලයේද සහයෝගය ලබාගන්නා බවද හෙතෙම කීය.