දැවැන්ත ජන මතයක් ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී ඇති පසුබිමක එහි පැතිකඩක් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන්නේ නම් ඉන් සිදුවන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටී ප්රජාතන්ත්රවාදයට එරෙහිව මරු පහරක් එල්ල වීම බව ඉම්තියාස් බාකීර් මාකර් අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
විපක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කරනු ලැබූ ඉම්තියාස් බකීර් මාකර් ලබා ගත්තේ ඡන්ද 65ක් පමණි. පාර්ලිමේන්තුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ නියම දේශපාලන ස්වරූපය හෙළිදරව් වුණු අතර ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණයත් සමග ඔවුන් විසින් ඉදිරිපත් කළ අපේක්ෂකවරයා වූ රන්ජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබා ගෙන නියෝජ්‍ය කථානයකවරයා ලෙස පත් විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ සභාගර්භය තුළ මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ඉම්තියාස් බකීර් මාකර් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“මේ සභාව ජනතාවගේ හඬ නියෝජනය කරන මධ්‍යස්ථානයක් විය යුතුයි. එහි හරස්කඩක් විය යුතුයි. ඒ නිසා මෙම වෙලාවෙ දි එම විශ්වාසනීයත්වය රැකගන්න බැරිවුනොත් එතන ප්‍රශ්නාර්ථයක්. “
“අද මේ පාලනයට එරෙහිව මේ රටේ ජන මතය යන අවස්ථාවෙදි මේ ඡන්දය පාවිච්චි කිරීම මට තේරුම් ගැනීමට බැරි දෙයක්. අපේ රටේ ජන මතයට ගරු කරමින් ඒ ප්රවනතාවය පෙන්නුම් කරමින් නිර්භීතව මේ අවස්ථාවේ දි ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට නැවතත් මගෙ ප්‍රණාමය පුද කරනවා.“
“දැන්වත් මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගන්න බලන්න. නැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසනීයත්වය නැති වෙනවා. ඒ තුළින් අපේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට අභියෝගයක් ඇති වෙනවා.“
“මේ සභාව ඇතුළෙ කෘත්‍රිම විදිහට මොන රඟපෑම් කළත් වැඩක් නෑ මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගත්තෙ නැතිනම්. අන්න ඒක අවබෝධ කරගන්න කියලා ඉල්ලනවා“