ශ්‍රියානි විජේසිංහ –
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුල වාර්තා වන හදිසි අනතුරුවල අඩුවක් මෙවර පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.
අප්‍රේල් 14 වන දිනය තුලදී පුද්ගලයින් 162ක් හදිසි අනතුරු හේතුවෙන් රෝහලට ඇතුළත් කළ බවත් ඉන් 37ක්ම වාර්තා වන්නේ රිය අනතුරු හේතුවෙන් ඇති සිදුවූ අනතුරු බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
හදිසි අනතුරු වලක්වා ගැනීම සඳහා කළ යුතු කාර්ය භාර්යය කුමක්ද යන්න මැයෙන් දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා තවත් ආයතන ගණනාවක් මෙන්ම මාධ්‍යයද කටයුතු කිරීම හදිසි අනතුරු අඩුවීමට හේතුවක් වී ඇති බව බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වාදේ.