ලලිත් චාමින්ද –
අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති කරගනු ලැබු අරවුලකදි සිදුවු පහරදිමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (14) අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මොහු මිතුරන් පිරිසක් සමග හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ දී අලුත් අවුරුදු දින මත්පැන් පානය කොට ඇත. එහිදි ආරවුලක් ඇතිවි තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයා එහි සිටි අයෙකුට පහරදි තිබේ. පැරණි අමනාපයක් මත මෙම පහරදිම වි ඇති බව පොලිසිය පවසයි.
පහරදිමට ලක්වු පුද්ගලයා රෝහල්ගත කොට ඇත. පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (15) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුනුවිල බණ්ඩාර ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.