ශ්‍රී ලංකා පා පන්දු සම්මේලනයේ හිටපු සභාපති යූ.එල්.ජස්වර්ට මෙවර නිලවරණයේ දී සභාපති ධූරය සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ කමිටුව විසින් අවස්ථාව ලබා දීම නීති විරෝධීවන බැවින් එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා පාපන්දු සම්මේලනයේ එම්.එච්.එම්. අෆ්ලා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය පිළිගැනීමට අභියාචනා උපදේශන කමිටුව තීරණය කර තිබේ.
එම උපදේශන කමිටු තීරණය සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව යූ.එල්. ජස්වර් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධූරය සඳහා තරග කිරීමට නුසුදුස්සෙක් බව තීන්දු කර තිබේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) කේ.ඒ.එස්.වයි.බි ද සේරම්ගේ අත්සනින් යුතුව ඇමතිවරයාගේ අනුමැතිය ලද එම කමිටු නිර්දේශ අද ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයේ දී පුනකරී පා පන්දු ලීගයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධවත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සඳහා උප භාණ්ඩාගාරික තනතුරට තරග වැදීමට ඒ.නාගාරාජා යන අයට අවස්ථාව නොදීම සම්බන්ධවත්, මෙම නිලවරණයේ දී සභාපති සහ උප සභාපති තනතුරු සඳහා තරග වැදීමට කේ.එම්. සම්පත් පෙරේරාට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධවත් ඉදිරිපත් වී තිබූ අභියාචනා තුන අභියාචනා උපදේශන කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.