අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම – ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම ජ්‍යෙෂ්ඨයින් තිදෙනා නිලන්ත, පතිනායක, දේශබන්දු ඇතුළු 07කට ඉදිරි දින කීපය තුළ චෝදනා පත්‍ර…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාට පසුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනාවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 07ක් වෙත ඉදිරි දින කීපය තුළ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාල  චෝදනා පත්‍ර භාර දීමේ සූදානමක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුව මෙම චෝදනා පත්‍ර භාර දීමට නියමිතව ඇත. එම නිර්දේශ අනුව   මුල් අවස්ථාවේ පොලිස් නිලධාරින් 11 දෙනෙක් වෙත එම චෝදනා පත්‍ර භාර දිම සඳහා පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය පියවර ගෙන තිබී ඇත.

එහෙත් ඒ වනවිට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් නඩු විභාගය අවසන් වනතුරු මෙම නිලධාරින් 11 දෙනාට  එරෙහි චෝදනා පත්‍ර භාර නොදෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

එම නිලධාරීන් 11 දෙනාගෙන් 04 දෙනෙක් මේ වනවිට විශ්‍රාම ගොස් තිබේ.

පසුගිය 12 ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තිබූ   මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වී ඇති නිසා නීතිපති උපදෙස් ලද වහාම දැනට සේවයේ සිටිනා නිලන්ත ජයවර්ධන, එල්.එස් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් වෙත චෝදනා පත්‍ර භාරදෙනු ලබන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපරාධ වරදක් සම්බන්ධව චෝදනා පත්‍රයක් ලද නිලධාරියෙකුට කිසිම තනතුරක් දැරීමට ඇති සුදුසුකම අහෝසිවන බැවින් ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයේ ධූරාවලිය බරපතල ලෙස විතැන්වන බවත්, ඒ අනුව මාර්තුවේ දී විශ්‍රාම යෑමට නියමිත පොලිස්පතිවරයාගෙන් පසු එම ධූරයට පත්වන නිලධාරියා සම්බන්ධව යළිත් සංකීර්ණ තත්ත්වයක් ඇතිවන බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙවරත් පාපන්දු සම්මේලනයේ සභාපති පුටුවට තරග කිරීමට ඉදිරිපත් වූ ජස්වර් උමාර් නිලවරණයෙන් විසිවෙයි…

Next Post

අද එන චීන බලවතුන් යනකොටම  ඉන්දීය  විදේශ ඇමති  එන සතියේ ශ්‍රී ලංකාවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.