කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වීමත් සමග මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 199 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් හා මඩකළපුව දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් මරණයක් මෙලෙස වාර්තා වී ඇත.
අද දිනය තුළ පමණක් තහවුරු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 636කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 42100 ආසන්න වී ඇති අතර ඉන් 38,979ක්ම දෙවන රැල්ලේ ආසාදිතයින් ය.