පැය දෙකකට පෙර අවසන් වූ ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සාමකාමීම මැතිවරණය ලෙස ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඡන්දය ප්‍රකාශ කරන කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවය.
කෙසේ වෙතත් පසුගිය 2019 මැතිවරණයට සාපේක්ෂව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ අඩුවක් පවතින බව පෙනී ගොස් ඇත.
පසුගිය ආර්ථික බිඳවැටීම සිදුවූ වකවානුව තුළ විදේශගත වූ විශාල ශ්‍රමික පිරිස ද මෙම ඡන්දය ප්‍රකාශ කිරිමේ දී අඩු වූ ප්‍රතිශතයට ඇතුළත් බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.







