ශ්‍රියානි විජේසිංහ –
මෙනින්ගොකොල් බැක්ටිරියාව ආසාදනය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා මේ වන විට සුවය ලබමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
මොහු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බැවින් මේ වන විට මොහුගේ ආශ්‍රිතයින් සොයා අවශ්‍ය ඖෂධ ලබා දීම මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් කටයුතු කර ඇතැයිද හෙතෙම පැවසුවේය.
මෙනින්ජයිටිස් රෝගය බෝවීම වැලැක්වීම සඳහා හිතුමතේට දරුවන් එන්නත් කිරීමක් නොකරන බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි වෛද්‍ය විජේසූරිය පවසා සිටියි.
මෙනින්ගොකොල් බැක්ටීරියාව මගින් මොළේ පටක ආසාදනය කිරිමක් කර මෙනින්ජයිටිස් රෝග ත්ත්වය ඇති කරන බවත් එවන් අවස්ථාවන්වලදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමක් කරන බවත් පෙන්වා දෙන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙනින්ජයිටින් රෝග තත්තවයට ගොදුරුවන පුද්ගලයින් නිතරම හමුවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් සුවය ලබන බවත්ය.
මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මෙනිජයිටිස් රෝගය වැලදුණු දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් මෙවැනි දරුවන් සාමාන්‍යයෙන් හමුවන අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදි සුවපත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.