බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වේවි” ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් නිවේදනයක්

ඇමෙරිකානු කාලසීමාවට පෙර ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්!

by Lankasara News
අප්‍රේල් 7, 2026
in පුවත්
Trump-speach
Share on FacebookShare on Twitter

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ නෞකා ගමනාගමනයට ඉඩ දීමට ඉරානය ප්‍රතික්ෂේප කළහොත්, අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඉරානය පුරා සිවිල් සහ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

තම ‘Truth Social’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, මෙම ප්‍රහාරයත් සමඟ ඉරානයේ මුළු මහත් ශිෂ්ටාචාරයක්ම විනාශ වී යා හැකි බවයි.

“මුළු මහත් ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වනු ඇති අතර, එය කිසිදා යළි ගොඩනැඟිය නොහැකි වනු ඇත. එවැන්නක් සිදුවෙනවා දැකීමට මා කැමති නැත, නමුත් බොහෝවිට එය සිදුවනු ඇත. කෙසේ වෙතත්, දැන් අපට පූර්ණ පාලන තන්ත්‍ර වෙනසක් ලැබී ඇති බැවින් බුද්ධිමත් සහ අඩු අන්තවාදී පිරිස් එහි බලයට පත්වනු ඇත. වසර 47ක කප්පම් ගැනීම්, දූෂණය සහ මරණය අවසානයේ නිමාවට පත්වනු ඇත. ඉරානයේ ශ්‍රේෂ්ඨ ජනතාවට දෙවි පිහිටයි!” යනුවෙන් ට්‍රම්ප් සිය සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.

ඉරානයෙන් දැඩි ප්‍රතිචාර සහ සන්නිවේදන අත්හිටුවීමක්

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ඉරානය සහ අමෙරිකාව අතර පැවති සියලුම සෘජු සහ රහසිගත සන්නිවේදන මාර්ග (Backchannels) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරාන රජය පියවර ගෙන ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කරයි.

මේ අතර ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, “මිලියන 14 ක් වූ නිර්භීත ඉරාන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවි පිදීමට වුවද සූදානම්” බවයි. අමෙරිකානු ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ අරමුණින් ඉරානයේ ප්‍රධාන විදුලි බලාගාර සහ යටිතල පහසුකම් අසල මානව දම්වැලක් (මිනිස් පළිහක්) ලෙස එක්රැස් වන ලෙස ඉරාන නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය අලිරේසා රහිමි එරට තරුණයින්ගෙන් සහ ක්‍රීඩකයින්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඊශ්‍රායලයෙන් පාලම් 08කට සහ ගුවන්තොටුපළ 03කට ප්‍රහාර

අමෙරිකානු ජනාධිපතිවරයා ලබාදුන් කාලසීමාව (Deadline) අවසන් වීමට පැය කිහිපයකට පෙර ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF), ඉරානයේ ප්‍රධාන නගර 05ක පිහිටි පාලම් 08ක් ඉලක්ක කර මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. මෙම ප්‍රහාර පහත නගර කේන්ද්‍ර කරගනිමින් එල්ල වී තිබේ:

  • ටෙහෙරාන් (Tehran)
  • කරාජ් (Karaj)
  • තබ්‍රිස් (Tabriz)
  • කෂාන් (Kashan)
  • කුම් (Qom)

මීට අමතරව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ගුවන් හමුදාවට අයත් ටෙහෙරාන් අගනුවර අවට පිහිටි මෙහෙර්බාද්, බහරේන් සහ අසෙමිෂ් යන ගුවන් තොටුපළ ත්‍රිත්වයට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී හෙලිකොප්ටර් යානා කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රය විනාශ කරමින් සිටින බවයි. “අපි ක්‍රමානුකූලව ඔවුන්ගේ පහසුකම් විනාශ කරනවා, ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් ඝාතනය කරනවා. ඉරානය තවදුරටත් පෙර තිබූ ඉරානයම නොවෙයි,” යනුවෙන් අගමැතිවරයා අවධාරණය කළේය.

අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිකුත් කළ නවතම දත්තවලට අනුව, ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ ඉලක්ක 13,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකානු ප්‍රහාරයකට එරෙහිව ඉරාන වැසියන්ගෙන් ‘මිනිස් පළිහක්’

Next Post

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනැවිත් කෝටි 224ක දැවැන්ත පාඩුවක්

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.