දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ පුදුවේරී කරෙයිකාල් සිට බෝට්ටුවකින් රැගෙන එන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් ඉන්දීය මුහුදට ආසන්නයේ ශ්‍රී ලාංකික බෝට්ටුවකට මාරු කිරීමට ගිය අවස්ථාවේදී එම බෝට්ටු දෙකම ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් 27 දා අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු හා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සමග බෝට්ටු දෙකම අත් අඩංගුවට පත්ව ඇත.
අත් අඩංගුවට පත්ව ඇති දෙදෙනා ත්‍රිකුණාමළයේ පදිංචි 34 හැවිරිදි අයෙකු හා යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
ඔවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ව්යාපාරිකයින්බවට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් හඳුණාගෙන ඇත.
මෙම සැකකරුවන් පිරිස හා බෝට්ටු දෙක ද කේරළ ගංජා තොගයද ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පුදුවේරී පොලීසියට බාර දී තිබේ.
සැකකරුවන් පුදුවේරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







