අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

by editor
ජනවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට පවතින ඉස්ලාම් විවාහ නීතිය අනුව වයස් සීමාවකින් තොරව ඉස්ලාම් භක්තියකයන්ට කුඩා දැරියන් විවාහ කරගැනීමට අවසර ලැබේ. වසය අවුරුදු 12ට අඩුනම් පමණක් ඒ සඳහා පල්ලියේ කාතිවරයාගේ අවසර ගත යුතුය. මුස්ලිම් කාන්තා සංවිධාන මේ පිළිබඳව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා කමිටුවට සිය අදහස් බාරදී විවාහ වයස් සීමාව වෙනස් කරන ලෙස මීට හතරකට පෙර සිට ඉල්ලා තිබිණි.

අද අධිකරණ ඇමති අලිසබ්‍රි එවකට කීර්තිමත් නීතිඥයෙකි. මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධ ඔහුට ඔහුගේ කියවීමක් තිබිණි. ඒ කීර්තිමත් නීතිඥවරයා අද අධිකරණ ඇමතිවරයා ලෙස කාති අධිකරණයට රටේ නීති පද්ධතිය තුළ වලංගු භාවයක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවට චෝදනාවට ලක් වෙයි.

මේ වර්ෂ 2016 දී ඉරිදා පුවත්පතට එවකට කීර්තිමත් නීතිඥ  අලි සබ්‍රි ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකින් කොටසකි.

“ඉරිදා“ පුවත්පත 2016/11/06

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පොදු නීතිය නම් රෝම ලන්දේසි නීතියයි. මෙයට අමතරව පෞද්ගලික නීති කිහිපයක්ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. එනම්

  • උඩරැටියන්ට බලපාන උඩරට නීතිය
  • උතුරේ ද්‍රවිඩ ජනතාවට බලපාන තේසවලාමේ නීතිය
  • මුස්ලිම්වරු සඳහා ඇති මුස්ලිම් නීතිය

මෙම පුද්ගලික නීති වලින් බලපෑම් ඇතිවන්නේ එම නීතිය අයත් ජන කොට්ඨාසයට පමණි. වෙනත් කෙනෙකුට එයින් බලපෑමක් ඇති නොවේ. උදාහරණයක් විදියට මුස්ලිම් නීතිය මුස්ලිම් ජනතාවට කරුණු තුනකින් බලපෑම් කරයි. එනම්

  1. විවාහය
  2. දික්කසාදය
  3. දේපළ උරුමය

එසේ වුවත් මුස්ලිම් ජාතිකයකුට හෝ මුස්ලිම් පවුලකට බැඳෙන්නට අදහස් කරන පුද්ගලයකුට අවශ්‍ය නම් මුස්ලිම් නීතියෙන් බැහැරව පොදු නීතිය යටතේ විවාහ වීමට මුස්ලිම් නීතියෙන් කිසිදු තහනමක් හෝ බාධාවක් නැත.

මුස්ලිම් නීතිය ෂර්යා නීතිය නොවේ

ලංකාවේ බලපවත්වන මුස්ලිම් නීතිය ෂරියා නීතිය නොවේ. කාලයක් මුළුල්ලේ ලංකාවේ මුස්ලිම්වරු පවත්වා ගත් සම්ප්‍රදායන් සහ සිරිත් විරිත්, ශරීයා නීතියේ සමහර සංකලනයන්, එවක පැවති ඉංග්‍රීසි නීතියේ මූලාශ්‍රයන් සහ ලාංකීය සමාජය තුළ තිබූ අනෙකුත් සංස්කෘතික ලක්ෂණ එකට එක්වී සැදුන නීතියක් මෙරට මුස්ලිම් නීතිය ලෙස පවත්වාගෙන යනු ලබයි.

උදාහරණයක් ලෙස අරාබි රටවල විවාහයක් සිදුවන විට විවාහය සිදුවීමට පෙර පුරුෂයා විසින් තමා විවාහ කරගන්නට නියමිත කාන්තාවට විශාල මුදලක් දිය යුතුයි. එය “මහර්“ ලෙස හැඳින්වෙයි. ඉන්පසුව ඔහුට කාන්තාව විවාහ කරගැනීමට අවසර ලැබෙයි. එම මුදල කාන්තාවට ලබාදෙන ඇපයක් සේ සලකනු ලබයි. සැමියා මෙම මුදල දීමෙන් බිරියට ඒත්තු ගන්වනුයේ ඔහු ඇයගේ ජීවිතය සුරක්ෂිත කරන බවයි.. කිසියම් හේතුවක් නිසා සැමියා විසින් බිරියව දික්කසාද කළහොත් බිරියට එම මුදල ජීවිතය පවත්වාගෙන යෑමට වත්කමක් වෙයි. සමහර විටෙක තරුණියගේ පියා එම මුදල තමා සන්තකයට ගෙන නාස්ති කර දමන අවස්ථාවන්ද ඇත. ලංකාවේ මෙය ක්‍රියාත්මක කරනවිට මෙම සම්ප්‍රදාය රකින බව පෙන්වීමට සංකේතයක් ලෙස මුදලක් දෙනු ලබයි. එය විටෙක රුපියල් 1000/- ක්, සමහර විටෙක රුපියල් 102/- ක් වැනි ප්‍රමාණයක් දෙනු ලබයි. මෙය සත පහකට වැඩක් ඇති දෙයක් නොවෙයි. මේ මුදලින් ඇති පලේ කුමක්ද?

එහෙත් ලංකාවේ මුස්ලිම් විවාහ වලදී මෙම සම්ප්‍රදාය වෙනුවට “කයිකුලී‘ හෙවත් දායද දීම නීතියක් බවට පත්කර ගෙන ඇත. මෙහිදී දායාදය යනු බිරිය විසින් සැමියාට දෙනු ලබන්නකි. මෙය මුස්ලීම් නීතියට සපුරා පටහැනි දෙයකි. මෙහිදී දික්කසාදයක් සිදුවුවහොත් ස්ත්‍රියට නැවත දායාදය ලබා ගැනීමේ හැකියාව ඇත. දෑවැදි ක්‍රමය තහනම් කෙරෙන්නේ නම් එය යහපත් දෙයකි. එහෙත් දෑවැදි ක්‍රමය තිබියදී දික්කසාද වූ පසු එය අයකර ගැනීම බැරි වුවහොත් ප්‍රශ්නයක් ඇති වෙයි. එමනිසා දික්කසාද වූ පසු දෑවැද්ද අයකර ගැනීමට ලැබීමත් යම් තරමකට සාධනීය තත්වයකි. නමුත් අරාබි රටවල කාන්තාවගේ වරදක් නැතිව සැමියා ඇයව දික්කසාද කළහොත් ඇයට වන්දියක් ලැබීමට නියමිතය. එය “මතා“ නමින් හැඳින්වෙයි. දික්කසාදයේදී ඇයට නීතියෙන් සහනයක් ලැබීම පිණිස “මතා“ නීතිය ලංකාවේ මුස්ලිම් නීතියට එකතු විය යුතුයි.

නමුත් මෙම දෑවැදි සම්ප්‍රදාය පිටරටකින් ආනයනය කළ එකක් හෝ ෂරියා නීතියෙන් ඈඳාගත් එකක් නෙවෙයි. මෙය මේ රටේම පැවති සම්ප්‍රදායක් මුස්ලිම් නීතියට ඈඳා ගැනීමකි. සරලව හා සංක්ෂිප්තව මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය පිළිබඳව කිව හැක්කේ එලෙසයි.

මුස්ලිම් විවාහ හා දික්කසා නීති සංශෝධනය විය යුතුයි…

එහෙත් , මගේ පුද්ගලික අදහස නම් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යම් අයුරකින් සංශෝධන වලට ලක්විය යුතු කාලය එළඹ ඇති බවයි. එහෙත් එය පිටරකින් පැමිණෙන පීඩන මත බලහත්කාරයෙන් කිසියම් ජන කොට්ටාසයක මුල්බැස ගත් නීති රාමූන් සම්ප්‍රදායන් උදුරා ගැනීමට තැත්කිරීමක් නොවිය යුතුයි.  එය අනවශ්‍ය ලෙස අපේ දේවලට කරන ඇඟිලි ගැසීමක්ද විය හැකියි.

නමුත් එසේ කියා සත්‍ය වශයෙන් සිදුවිය යුතු සංශෝධන මග හැරිය නොහැකිය. එය සිදු කළ යුතුයි. එය සිදුවිය යුත්තේ එම නීතිය අයත් ජන කොට්ඨාසය තුළ ඇතිවන හරවත් බුද්ධිමය සංවාද තුළින් මතුකරන්නා එකඟතාවයකට අනුවයි. එය සිදුවිය යුත්තේ කෙසේද? කුමන ආකාරයෙන්ද යන්න තීරණය කිරීම ඔවුන් සතු බවත් මා සිටින්නේ එතැන බවත් කිව යුතුයි.

තිබෙන නීතිය ඔවුන්ගෙන් උදුරා ගන්නවාට වඩා බුද්ධිමය සංවාදයකින් යහපත /අයහපත පිළිබඳ කරුණු සලකා බලා සංශෝධනයකට කටයුතු කළ යුතුයි. නමුත් සමහර මුස්ලිම්වරුන්ගේ මතය ෂරියා නීතිය තුළට වෙනත් නීති ඇතුළත් කළ නොහැකි බවයි. එය පිලිගත නොහැකියි. “මහර්“ වෙනුවට “කයිකුලි“ ආදේශ කළ හැකිනම් වෙනත් ආදේශක කළ නොහැක්කේ මන්ද යන් ප්‍රශ්නය නගන්නට කැමැත්තේමි.

බටහිර රටවල් මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව පිළිබඳව මෙසේ ප්‍රශ්න කළත් ඇමරිකාවේත් සමහර ප්‍රාන්තවල විවාහ වන වයස් සීමාව අවුරුද 12 යි. නේපාලයේ ළමා වියේදීම අනාගත සහකරුවන් තෝරාදීම කර විවාහයක් ලෙසින්ම උත්සවාකාරයෙන් සිදු කරනවා.

පුද්ගලික මතය

දැරියක විවාහ විය යුතු වයස අවුරුදු 16 ක් වත් වෙනවා නම් මම පෞද්ගලිකවම කැමත්තෙමි. මන්ද මේ තරම් වගකීම් සහිත බරපතල භූමිකාවක් බාර ගැනීමට තරම් ඇය මනසින් මුහුකුරා යෑමක් සිදුවිය යුතුයි. ඒ සඳහා මුස්ලිම් සමාජය තුළීන්ම සංවාදයක් ඇතිවී මෙම සංශෝධන ඇති කිරීම කළ යුතුයි.

මෙය පමණක් නොවෙයි මීටත් වඩා නරක තත්වයන් තිබෙන් බව කිව යුතුයි. තරුණියක විවාහ වනවිට ඇයගේ පියාගේ කැමැත්ත එසේත් නැත්නම් පියා තීරණය කරන පුද්ගලයා සමග ඇයට විවාහවීමට සිදුවීම වැරදි බව කිව යුතුයි. මගේ අදහස නම් මෙහිදී තරුණියට තමන් කැමති පුරුෂයා සමග විවාහ වීමට අවස්ථාව දිය යුතු බවයි. මුස්ලිම් නීතියේ තමන් විවාහ කරගන්නා තරුණයා හඳුනා ගැනීමට තරුණියට අවස්ථාවක් ඇති මුත් එයට ඉඩක් ලබානොදෙන සමහර අවස්ථා දක්නට ඇත. විවාහයේදී තරුණියගේ කැමත්තට අනිවාර්යයෙන් ඉඩ දිය යුතුයි කියන තැන මම සිටිමි.

කාතිවරයා මුස්ලිම් නීතියේ යහපත මතු නොකරයි

මුස්ලිම් විවාහ නීතියේ ඇති යහපත් ප්‍රවණතා මතු නොවීමට එක් ප්‍රධාන හේතුවක් නම් කාතිවරයා බව මගේ හැඟීමයි. එසේම දරුවන්ගේ ගැටළු සම්බන්ධවද ඔහු ක්‍රියාත්මක වේ. නමුත් කාතිවරයා මෙම සංවේදී කාරණා සම්බන්ධව කටයුතු කිරීමට සුදුසුකම් සැපිරූ පුද්ගලයකු නොවේ.

ඔහුට දැනීම අඩුය.

ඔහුගේ ක්‍රියාවේ සහ තීන්දුවල විනිවිද භාවය අඩුය.

නඩු අහන ක්‍රමවේදය සහ වෙලාව ගැටළු සහගතය.

නඩු වාර්තා තබා ගැනීම නඩත්තු කිරීම නිසි ආකාරයෙන් සිදු නොවේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් ඔහුට නැත.

උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස දරුවකුගේ වන්දි මුදලක් ලබාදීමට පිස්කල් වරයකු මෙන් කටයුතු කිරීමට මුදල් බාරදීමට ඔහුට නොහැක. ඔහු එය රැගෙන මහේස්ත්‍රාත්වරයකු හමුවට යායුතුය.

එසේම ඔහුගේ දැනුම යාවත්කාලීන නැත. නීතිය පිළිබඳව රටේ තත්වය, පුද්ගල ස්වභාවය පිළිබඳ ඔහුට වැටහීමක් නැත. එමනිසා ඔහුගේ තීන්දු සමහර දික්කසාද සම්බන්ධයෙන් වියවුල් සහගත් තත්වයන් ඇති කරයි.

උදාහරණයක් ලෙස කොළඹ පළාතේ උගත් ධනවත් පවුලක සැමියා බිරිඳ හා දරුවන්ගෙන් දික්කසාද වනවා නම් දිසා අධිකරණයේදී නඩත්තු ගෙවීමී සම්බන්ධයෙන් කරුණු සලකා බලයි. දරුවන් අධ්‍යාපනය ලබන පාසැල, ඔවුන් මෙතෙක් ගතකළ ජීවන රටාවේ තිබූ සැප සම්පත්, ඔවුන්ගේ අමතර අධ්‍යාපන ක්‍රියාකාරකම් ( ක්‍රීඩා, ටියුෂන්), ආදිය සලකා බලා සැමියාගේ ආදයම් තත්වයත් සලකා බලා මසකට ලක්ෂ පහක් වුවත් නඩත්තු ලෙස ලබා ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් ජාත්‍යන්තර පාසැල්වලට යන්නේ නම් රජයේ පාසැලක මෙන් නොවේ. අධික පාසැල් ගාස්තුවක් ගෙවීමට සිදුවීම වැනි කරණු සලකා බැලීම වැදගත්ය. දිසා අධිකරණයෙන් මේ පිළිබඳව සලකා බලා සාධාරණ නඩත්තු මුදලක් ගෙවන්නට නියම කළත් කාතිවරයා මෙවන් පවුලකටත් නියම කරන්නේ රුපියල් 10,000/- ක් වැනි මුදලකි. එවිට “කොහොමද දික්කසාද වූ පවුලේ බිරිඳ සහ දරුවන් ජීවත්වන්නේ. ඔවුන්ගේ ඉදිරි කටයුතු නිරවුල්ව පවත්වා ගන්නේ “ යන සාමාන්‍ය දැනීම කාතිවරයාට නැත.

මගේ පුද්ගලික අදහසට මුස්ලිම් ප්‍රජාව අකමැති වේවි

එමනිසා මගේ පෞද්ගලික අදහස නම්, මෙයට මුස්ලිම් ප්‍රජාව අකමැති වේවි. නමුත් මගේ අදහස මෙයයි.

මුස්ලිම් දික්කසාද නඩු දිසා අධිකරණයේදී විභාග විය යුතුයි.  . අනිවාර්යයෙන් අපේ දිසා විනිසුරුවරු කාතිවරුන්ට වඩා ඉතා හොඳින් එය සිදු කරනු ඇති. සත්‍ය වශයෙන් අපගේ අධිකරණයේ දිසා විනිසුරුවන් ඉතාම අපක්ෂපාතී, සාධාරණ තීන්දු මෙම නඩු සම්බන්ධයෙන් ලබා දෙන බව ඉතා වගකීමෙන් පැවසිය හැකියි.

මා එයටත් වඩා ප්‍රගතිශීලි ලෙස හිතනවා මෙම මුස්ලිම් දික්කසාද නඩු අසන විනිශ්චයකාරවරයා කාතිවරයකු වීම, මුස්ලිම්වීම අවශ්‍ය නොවන බවය. කාතිවරයා වැරදි තීන්දුවක් දුන හොත් එයට අභියාචනය කිරීම සඳහා යායුත්තේ රටේ අභියාචනාධිකරණයටය. එමනිසා රටේ අධිකරණයට මෙය බාර දීමෙන් ඉතා ප්‍රශස්ත වෙනසක් සිදු කළ හැකි බව මගෙ මතයයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

Next Post

අතුරුදන් ජැක් මා යළි ඇවිත්

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.