රට වෙනුවෙන් මේ අවස්ථාවේ දී කළ හැකි කැපකීරීමක් කර සමගි ජන බලවේගයත්, පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව තරග කළ යුතු බව පොදු ජන එක්සත් පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.
නිව්ස් ෆස්ට් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වන බැසිල් රාජපක්ෂ පවසන්නේ නිසැකව මුලින් පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් බවත් එම මැතිවරණය ජයගැනීම සඳහා මෙම තුන් පාර්ශවය එක්වුවහොත් රටට යහපතක් වනු ඇති බවය.
ඔහු මෙසේ පැවසුවේය.
“දිවයින පුරාම සංවිධාන ජාලයක් තියන මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තියනවා මා හිතන විදිහට. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ.”
“ඊලඟට ජන බලය තියන පක්ෂ දෙකක් තියනවා. එකක් සමගි ජන බලවේගය. අනික් එක පොහොට්ටුව. ඒ කියන්නේ අපේ පක්ෂය පොදු ජන පෙරමුණ. එතකොට සංවිධාන ජාලයත් තියන, ජන බලයත් තියන පක්ෂය තමයි පොහොට්ටුව. “
“ඉතින් තුන්වැනි එකකුත් තියනවා මං කියන්නේ. තුන්වැනි එක තමයි රට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්න ඕන . අපට එහෙම එකක් තිබුණෙ නෑනේ. තුනෙන් දෙකක ජන බලයක් සහ සංවිධාන ශක්තියත් තිබිලත් අපට රට ගෙනියන්න බැරි වුනා. ඒක තියෙන්නේ මේ දෙකම නැති යුඑන්පී එකට. ඔවුන්ට සංවිධාන ජලයකුත් නෑ. ජන බලයකුත් නෑ. හැබැයි රට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා.”
“මේ තුනම එකතු කරගන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ තුනම එකතු රක්‍ගත්තොත් තමයි රටට යහපතක් වෙන්නෙ. “
“මගේ නම් අදහස අපි තුන්ගොල්ලම එකතුවෙලා අපි යම් කිසි යුතුකමක් රට වෙනුවෙන් කරමු. අපිට පුලුවන්කමක් තිබුණා නම් අපේ තනතුරු අත්හැරලා ජයග්‍රහණ අත් හැරලා රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඒ හැකියාව අපට තිබුණා. රට වෙනුවෙන් තව පරිත්‍යාග කරන්නත් අපි සූදානම්.”
කෙසේ වෙතත් මේ තුන් පාර්ශවය එකතු කරගැනීම සඳහා කිසිවෙක් ඉදිරිපත් වී කපුකම කළ යුතු බවත් ඒ වෙනුවෙන් තවම ක්‍රියාත්මක වී නැති බවත් ඔහු පැවසුවේය.