දිනසේන රතුගමගේ –
පලමු වතාවට මුලතිව් රෝහලේ වෛද්‍යවරු පිරිසක් ඉතාම අඩු පහසුකම් මධ්‍යයේ ඉතා සාර්ථක ලෙස දණ ඉස් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් 12 දා සිදු කොට තිබේ.
වෛද්‍යවරු විසින් එම ශල්‍යකර්මය පලමු වතාවට සිදු කොට ඇත්තේ මුලතිව් ප්‍රදේශයේම රෝගියෙකුටය.
රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු මුලදී ඔහුට එම සැත්කම සඳහා යාපනය හෝ වවුනියාව රෝහල්වලට යන ලෙස උපදෙස් දී තිබුණද පසුව මුලතිව් රෝහලේ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් එම ශල්‍ය කර්මය මුලතිව් රෝහලේදීම සිදු කිරීමට තීරණය කළේය.
සැත්කම සාර්ථක වී තිබේ.