මුදල් ප්‍රතිපාදන නොමැති හේතුවෙන් 1990 ගිලන් රථ සේවාව වසා දැමෙන මට්ටමට පත් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
“1990 සුවසැරිය දුවන්න සල්ලි නෑ. මේ තත්වය මට සභාපතිවරයා විසින් කිව්වා. අගමැති තුමා… ඔබට කියන්න අවශ්‍යයයි. මේ ගිලන් රථ සේවාව හෙට වැහෙයි ද දන්නෙ නෑ. .
මේ වනවිට 1990 හරහා එක දවසකට අසාධ්‍ය රෝගීන් දහසකට වැඩි ප්‍රමාණයක් රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයට ගේනවා.
මම පුද්ගලිකව ඉල්ලා සිටිනවා පුලුවන් ඉක්මනින් මෙම හදිසි ප්‍රතිකාර ඒකකය සදහා ප්‍රතිපාදන වෙන් කරන්න.







