බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ඇමතිඅගමැතිගේ පළමු රාජකාරිය දයා ගමගේ මහජන බැංකුවට තැබූ කෝටි ගණනක පොල්ල සැඟවීම ද?

by editor
මැයි 26, 2022
in පුවත්
rasamanikkam
Share on FacebookShare on Twitter

දයා ගමගේ ගනු ලැබූ කෝටි ගණනක ණය මුදල් බොල් ණය ලෙස කපා හැරීම සම්බන්ධව තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලියුමක් එවීමට නියෝග දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පසු මහජන බැංකුවට පවරා ඇති ප්‍රථම රාජකාරිය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, මහජන බැංකුවෙන් ලබා ගත් ණය බොල් ණය වශයෙන් කපා හැර ඇතැයි කෝප් කමිටුවේදී හෙලිවුණු බව පවසමින් ශානකියන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය වැරදි යැයි මහජන බැංකුවේ සභාපති සජීව රාජපක්ෂ මේ වනවිට මන්ත්‍රීවරයාට ලියුමකින් දැනුම් දීම පිළිබඳව ඔහු මෙම ප්‍රකාශ කළේය.

මහජන බැංකුව රාසමාණික්කම් මන්ත්‍රීවරයට එම ලිපියෙන් දන්වා ඇත්තේ දයා ගමගේ ලබා ගත් ණය බොල් ණය ලෙස කපා හැර නැති අතර එම මුදල නීත්‍යනුකූලව බැංකුවට යළි ලබා ගන්නේ කෙසේදැයි සොයා බැලීම් සිදු කරමින් සිටින බවය.

අක්‍රිය ණය 10ක් පිළිබඳ තොරතුරුත් එහි සඳහන්ව ඇතැයි  ශානකියන් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේ දී හෙළි කළේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

වසර පහක් තිස්සේ එම ණය අය කර නොගෙන මෙතරම් කාලයක් මහජන බැංකුව පොල් ගෑවාදැයි ඔහු ප්‍රශ්න කළේය.
මහජන බැංකුව තමා නිවැරදි කරමින් ලියුම් එවූ මොහොතේ බිලියන ගණනින් ණය තිබෙන ආයතනවලට ලියුම් යවා එම මුදල් අය කර ගැනීමට උත්සාහයක් ගත්තේ නම් අගනා බව ද ඔහු සඳහන් කළේය.

“හයර් එකක් දුවන්න ත්‍රීරෝද රථයක් ගන්න මිනිහගෙන් වාරික දෙකක් මිස් වුණා නම්, පාසැල් වෑන් රථයක වාරිකයක් මිස් වුණා නම්, සංචාරක කර්මාන්තේ කරන කෙනෙක්ගෙන් වාරික මිස් වුණානම් තග්ස්ලා දාලා වාහන උස්සලා ෆිනෑන්ස් කම්පැනිවලින් සල්ලි අය කර ගන්නේ.. ක්‍රෙඩිට් කාර්ඩ් එකක ගෙවන්න තියෙන දිනේ පහු වුණාම කෝල්ස් බර ගාණක් එනවා..
ඒත් මහජන බැංකුව මෙච්චර ණය තියෙන මිනිස්සුන්ගෙන් ණය අරගන්න මොනවද කළේ.“

“සාමාන්‍යයෙන් ණයක් දෙන්න කලින් බැංකුවකින් ගැරන්ට් එකක් ඉල්ලනවා. මොනවද මේ අයගෙන් ගත්ත ගැරන්ට් එක. මේ ජනතාවගෙන් හොරාගත්ත සල්ලි ටික එකතු කරගෙන ලෝන් ගෙවාගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් ඒ මිනිස්සුන්ගේ ණය ටික හරි කැපිලා යනවා..”

රජයේ බැංකුවක්වන මහජන බැංකුවෙන් ඉතා විශාල මුදල් ණය වශයෙන් ලබා දී ඒවා අය කර නොගෙන සිටින්නේ එම ආයතන හිමිකරුවන් අග්‍රමාත්‍යවරාගේ මිත්‍රයන් නිසා විය යුතු බව ද, ඒ ණය ලබා දීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍යවරයා විය යුතු යැයි ද ශානකියන් රාමාණික්කම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

යුද හමුදාපති  ශවේන්ද්‍ර නික්ම යයි… නව හමුදාපති මේජර් ජනරාල් විකුම්  ලියනගේ….

Next Post

පොලිස්පතිට බලයක් නැද්ද?. කොන්දක් නැද්ද?. පොලිසියෙන්ම ඇසෙයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.