බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදීමට තමාට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලිපියක් යොමුකර ඇතැයි පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස්පතිවරයා ඒම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථාන මාරුකිරීමේ බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමට බවය.
කෙසේ වෙතත් මෙම ලිපිය පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට යොමුකර ඇත්තේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවති යම් සාකච්ඡාවකින් අනතුරුව බවත් එම සාකච්ඡාවට දේශබන්දු තෙන්නකෝන් ද සහභාගිවී සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථානමාරුවක් ලබාදීමට තමාට බලයක් නැතැයි කියන පොලිස්පතිවරයාම රාජ්‍යසේවා කොමිසමේ අනුමැතියට යටත්ව යැයි සඳහන් කරමින් කොමිසමේ අනුමැතියකින් තොරව කොතෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුට ස්ථාන මාරු ලබාදී ඇති බව පොලීසියේම නිලධාරීහු පෙන්වා දෙති.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්දයෙන් පොලිස්පතිවරයා මෙසේ හැසිරෙන්නේ ඔහු කිසියම් බලවතෙකුගේ බලපෑමකට හසුවී සිටින නිසා යැයි සැකකරන්නට හැකි බවද ඒම නිලධාරීහු පවසති.
නීතිපති උපදෙස් අනුව දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබානොදීම සම්බ න්ධයෙන් වගඋත්තර බඳින ලෙසට පොලිස්පතිවරයාට කොටුව මහොස්ත්‍රාත් අධිකරණයද ඊයේ නියෝගයක් නිකුත් කළේය.