කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යාංශයේ දෙවැනි මහල අද පස්වරුවේ ගිනි ගත්තේය.
වහාම කැඳවූ ගිනි නිවන රථ කීපයක අධාරයෙන් ගින්න පාලනය කරගැනීමට හැකි වී තිබිණි.
සවස 3ට පමණ මෙම ගින්න හටගත්තේය.
මූලික විමර්ශනවල දී විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි සැකයක් පවති.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.







