මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දි දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණී තිබේ. හරස් මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ලොරිය දුම්රියේ ගැටීමෙන් අනතුරුව පෙරළි ගොස් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.
අනතුරින් දුම්රියට විශාල හානියක් සිදු වී ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියෙන් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.








