තායිවානයේ පර්යේෂණාගාරයක සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදිත මීයෙකුගේ සපාකෑමකට ලක්වීමෙන් පසු කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තාවේ.
අදාල කාන්තාවට කොරෝනා වෛරය ආසාදනය වීමට එකම හේතුව ආසාදිත මීයාගේ සපාකෑමට ලක්වීම පමණක් බවට තායිවාන සෞඛ්‍ය තරයේ විශ්වාස කරයි.
තායිවානයේ සමාජය තුලින් මේවන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමක් සිදු නොවන පසුබිමක් තුල අදාල කාන්තාවට වෛරසය වෙනත් පුද්ගලයෙකුගෙන් ආසාදනය වු බවට තමන්ට විශ්වාස කළ නොහැකි බව තායිවාන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
තායිවානයේ අගනගරය වූ තායිපේ හී පිහිටි මෙම පර්යේෂණාගාරයේදී මීයන්ට හට කොරෝනා වෛරසය ආසාදනය කර පරීක්ෂණ පවත්වා ඇත. එහිදී අදාල කාන්තාව දෙවතාවක් ආසාදිත මීයන්ගේ සපා කෑම් වලට ලක්ව ඇතැයි වාර්තාවේ.
සපා කෑමෙන් පසුව එම කාන්තාවට මද අසනීප තත්ත්වයක් පෙන්නුම් කළද ඇය පොදු ප්‍රවාහන මාධ්‍ය යොදාගන ඇති බවත් අවන්හල් වලින් ආහාර ගැනීම් කර ඇති බවට අනාවරණය වේ.
කෙසේ වෙතත් පසුව කළ කොරෝනා පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මෙම සිදුවීමත් සමඟ කොරෝනා වෛරසය විද්‍යාගරය නිර්මාණය කර එහිදී සිදුවූ අනතුරකින් ලොවපුරා පැතිරගොස් බවට කරනු ලබන අනුමානයට කදිම නිදසුන් බවට බොහොදෙනා පෙන්වාදෙයි.