අද උදෑසන මීගමුව මුහුදේ දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි ජීවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ජූඩ් නැමැත්තා සමග එක් වී අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින ජා ඇල කොණ්ඩා රංජි නැමැත්තා පකිස්තාන මත්ද්‍රව්‍ය ඒජන්තයන් හරහා ලංකාවට ගෙන්වාගෙන ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ.
බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මේ ජාවාරම සම්බන්ධීකරණය කර ඇති බවත්, ගැඹුරු මුහුදට ගොස් පකිස්තානු ජාවාරම් කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම සඳහා යාත්‍රාව පිටත් කර ඇත්තේ මීගමුවෙන් බවත් ආනාවරණය වී ඇත.
කොණ්ඩ රංජිගේ ඇනවුම මත මෙම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙන ඒම සඳහා ඩුබායි සිට සැලසුම් කර තිබුණේ මෑතක දී සුරාබදු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වුණු අයිස් කිලෝ ග්‍රෑම් සියය, හෙරොයින් කිලෝ ග්‍රෑම් සියය ලංකාවට ගෙන්වනු ලැබූ මෙම ජූඩ් නැමැති තැනැත්තාය.
අද උදෑසන නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඒකබද්ධව කළ මෙහෙයුමෙන් අයිස් කිලෝ ග්‍රෑම් 126.784ක්, හෂීස් කිලෝ ග්‍රෑම් 88.122ක් අත්අඩංගුවට ගෙන තිබිණි. විශේෂත්වය වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහිත බෝට්ටුවට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් ස්වකීය ඔත්තු කරුවෙක් සම්බන්ධ කරන්නට තරම් සූක්ෂම වීමය.
මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලුම තොරතුරු හෙළිදරවු කරගැනීමට විමර්ශකයන්ට හැකි වී තිබේ.
දැනට මෙම ජාලයට සම්බන්ධ සිවු දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වී ඇත. මේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් දැනට අතුරුදන්ව ඇත. ඇය සොයා විශේෂ විමර්ශනයක් ඇරඹී තිබේ.