ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල පැතිර යන සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම් රෝගයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා මිහින්තල රෝහල වෙත රැගෙන ගිය දරුවන්ට ලබා දී ඇත්තේ ඒන්නතක් නොව, පෙඩ්‍රිනිසොලොන් (Prednisolone) සහ ඩොම්පෙරිඩොන් (Domperidone) ඖෂධ බවත් එම ඖෂධ නිසා ඇති වු යම් අසාත්මික තාවයක් නිසා දරුවන් 13 දෙනෙක් අනුරාධපුර රෝහල වෙත කු වැඩිදුර ප්‍රතිකාර සදහා ඊයේ (14) ඇතුළත් කළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිහින්තල රෝහලෙන් ලබා දුන් මෙම ඖෂධ දරුවන්ට වරු දෙකක් තුනක් ලබා දෙන විට එකවරම දරුවන්ගේ කටවල් ඇදවී දිව එළියට විත් බෙල්ල කඩා වැටී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 11 දෙනෙකු මිහින්තලේ රෝහලට ඇතුළත් ත් කළ බවත් එම දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර එවා ඇති බවත් තවත් එම ප්‍රකාශකයා කීවේය.
තවත් දරුවන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට කෙලින්ම ඇතුළත් කර ඇති බව ද එම ප්‍රකාශකයා පැවසුවේය.
කෙසේ නමුත් දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද ඔවුන්ට මෙම දරුවන් ට අද දිනය තුලදි නිවෙස් බලා යාමට හැකි වනු ඇති බවද ලංකාසර කල විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උතුරු මැදපළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පරික්ෂණයක් ආරම්බ කර ඇති අතර අදාල ඖෂධ වර්ග දෙක මිහින්තල රෝහලේ භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.







