ලිට්‍රෝ ගෑස් මිල වැඩිවීම නිවේදනය කර තිබේ.
ඒ අනුව මිල සූත්‍රය අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 210කින් වැඩි කළ යුතු නමුත් ලිට්‍රෝ ගෑස් සමාගම එම වැඩිවීම රුපියල් 130කින් දරාගෙන රුපියල් 80කින් මිල වැඩි කර ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4360කි.
රුපියල් 53ක පාඩුවක් සමාගම දරාගත් පසු කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් මිල වැඩිවීම රුපියල් 30කි. නව මිල 1750කි. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල වැඩිවීමෙන් රුපියල් 22ක් සමාගම දරාගත් පසු නව මිල වැඩිවීම රුපියල් 15කි. සිලින්ඩරයක මිල රුපියල් 815කි.
මිල වැඩිවීම පහත දැක්වේ.








