සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් නිකුත් කර තිබු මිල පාලන ගැසට් පත්‍රය අවලංගු කිරීමට අද (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
මේ අනුව සහල් සදහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සහ තොග මිල අහොස් වනු ඇත.
ඊයේ (26) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කරන සාධාරණ මිලට සහල් මිල දී ගැනීමට රජය එකඟ නොවුනහොත් සහල් නිශ්පාදනයෙන් ලබන සතියේ දී ඉවත් වන බවය.
රජය නියම කරනු ලබන පාලන මිලට විකුණන සෑම සහල් කිලෝවකින්ම රුපියල් හයක ශුද්ධ පාඩුවක් විඳින්නට සිදුවන බව එම සංගමය හෙළි කළේය.
එමෙන්ම පසුගිය කන්නයේ වී අස්වැන්නෙන් සියය පනස් පහක ප්‍රමාණයක්ම ගොවීන් අලෙවි නොකර තබාගෙන තබිණි.
කෙසේ වෙතත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ආනයනය කිරීමට වෙළෙඳ ඇමතිවරයාට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇත.