ජීවන වියදම් කමිටුව මගින් නිර්දේශ කර අවසන් තීන්දුව සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කරනු ලැබූ කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් නොගෙන සිටීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
ආනයනික කිරපිටි කිලෝවක මිල රුපියල් 200කින් ද, තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින් ද, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් ද මිල වැඩි කිරීම පිළිබඳ යෝජනා පාරිභෝගික අධිකාරියේ මිල කමිටුව විසින් පසුගිය දා රැස් වූ ජීවන වියදම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබිණි.
ගෑස් මිල රුපියල් 550කින් වැඩි කිරීමට ද ජීවන විදයම් කමිටුව නිර්දේශ තිබිණි.
මෙම නිර්දේශ පිළිබඳ අවසන් තීන්දුව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරිනි.