දිනසේන රතුගමගේ –
යාපනයේ චෙම්මනි පාසල අසල නිවසකින් මිල කල නොහැකි ඉපැරණි දේව ප්‍රතිමා දෙකක් රුපියල් ලක්ෂ හතක් වටිනා වාහන අමතර කොටස් තොගයක් කොල්ල කන ලද පුද්ගලයින් 8 දෙනෙකු 10 දා යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම නිවසේ අයිතිකරුවන් විදේශ රටක ජීවත් වන අතර නිවස බලා ගැනීමේ කටයුතු ඥාතියෙකුට පවරා තිබියදී ඔහු නිවසේ නොමැති අවස්ථාවක මෙම හොරකම සිදුව තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම හොර කණ්ඩායම යාපනයේ තවත් හොරකම් වලට සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සදහා යාපනය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.