මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සොරිවිල කැලෑ බද ප්‍රදේශයේ මියගිය වන අලියෙකුගේ සිරුරක් අද ( 01) වෙනිදා උදෑසන ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.
මෙම වන අලියා මීට දින කිහිපයකට පාදයක් තුවාල ලබා ප්‍රදේශයේ සැරිසරා ඇති බවත්, දින කිහිපයකට ඉහතදී මනම්පිටිය වනජීවි නිලධාරීන් පිරිසක් පැමිණ අවස්ථා දෙකකදී ප්‍රතිකාර කළ බවත්, සොරිවිල ගොවි සංවිධානයේ නියෝජිත යු.එම් සිරිපාල සඳහන් කළේය.
මනම්පිටිය වනජීවි නිලධාරී කාර්යාලයෙ, අප දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, වන අලියා මිය යෑමට නිශ්චිත හේතුවක් කිව නොහැකි බවය., පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු වනජීවි දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.







