බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන මියන්මාර මිලිටරි ජුන්ටාව චීනය සහ රුසියාව විසින් අඛණ්ඩව ආයුධ සැපයීම කර ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය වී තිබේ.
ජගත් මානව හිමකම් කවුන්සලය විසින් මියන්මාරයේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති විශේෂ නියෝජිතයා විසින් සිය විශේෂ වාර්තාව එලි දක්වනමින් මේවන ප්‍රකාශ කර තිබේ.
මියන්මාරයේ විශේෂ නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ලබන එක්සත් ජනපදයේ හිටපු කොන්ග්‍රස් සභික තෝමස් ඇන්ඩෲ පෙන්වා දී ඇත්තේ චීනය සහ රුසියාව මියන්මාර මිලිටරි ජුන්ටාවට දිගින් දිටම නවීන අවි ආයුධ සැපයීම සිදුකර ඇති බවයි.
“ මියන්මාර මිලිටරි ජුන්ටාව විසින් ඉකුත් වසරේදී සිය බල තහවුරු කරගැනීමෙන් පසුව දිගින් දිගටම මානව හිමිකම් කඩකිරීම් සිදු කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පැවතියද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වන රුසියාව සහ චීනය මියන්මාරයට අවි ලබාදී ඇති බවට සාක්ෂි තිබෙනවා.” යනුවෙන් ඇන්ඩෲ විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.
මෙහිදී චීනය සහ රුසියාව විසින් මියන්මාර ජුන්ටාවට ප්‍රහාරක ගුවන් යානා, යුධ සන්නාහ රථ ලබාදීම කළ ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවද ඇන්ඩෲ විසින් පෙන්වා දී තිබේ.
ඇන්ඩෲ විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් මෙම අවි ආයුධ සැපයීම වැලැක්වීමට මැදිහත්වෙන ලෙසටද ඉල්ලා තිබේ.
මියන්මාර මිලිටර් ජුන්ටාව එරට පාලනය බලය ලබාගැනීමත් සමඟ විශාල වශයෙන් මානව හිමිකම් කඩවීම් වාර්තා වූ අතර පසුගිය කාලයේදී ෆේස් බුක් අයත් මෙටා සමාගම විසින් එම ජුන්ටාවට සම්බන්ධ සහ ඊට සහය පළකරන සමාජ ජාල ගිණුම් අත්හිටුවීමටද පියවරගෙන තිබිණි.